අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Kirsten Holmberg

කර්ස්ටන් හොම්බර්ග්

..

කර්ස්ටන් හොම්බර්ග් විසින් රචිත ලිපි

වැදගත් දේවල්

ඇය කුමන දේශපාලන පක්‍ෂයට අයත් දැයි ඇදිලිවන්තයෙක් වූ සගයෙකු විසින් ඇගෙන් පැහැදිළිවම ඇසූ ආකාරය මගේ මිතුරිය මට විස්තර කළාය. ප්‍රශ්නය ඇසීමේ ඔහුගේ අරමුණ වුයේ දැනට ඔවුන්ගේ ප්‍රජාව බෙදීමට හේතු වන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ඇය සමග එකඟ වන්නේදැයි අනාවැකි කීමටයි. ඔවුන් අතර පොදු පදනමක් සොයා ගැනීමට උත්සාහ කරමින් ඇය සරලව පිළිතුරු දුන්නේ “අප දෙදෙනාම ඇදහිලිවන්තයන් වන බැවින් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ එකමුතුකම…

අප වගේ, අප වෙනුවෙන්

තම පුත් පිහිනීමට කමිසය ගළවන්න අකමැති බව ඩෙරික් දුටුවේය. එයට හේතුව වූයේ පුතාගේ පපුවේ, බඬේ සහ වම් අතේ කොටසක් වැසෙන ලෙස පිහිටා තිබූ උපන් ලපයක් නිසා ඔහු ලැජ්ජාවී සිටි නිසා බව ඩෙරික් වටහා ගත්තේය. තම පුතාට උපකාර කිරීමට අධිෂ්ඨාන කර ගත් ඩෙරික් තමාගේ ශරීරයේද සමාන සළකුණක් නිර්මාණය කර ගැනීම සඳහා දිගු හා වේදනාකාරී පච්ච කෙටීමේ ක්‍රියාවලියකට ලක් වූයේය.

ඩෙරික් තම…

ස්ථිර ලිපිනය

වැඩිකල් නොගොස් අපි අපේ පැරණි නිවසට මදක් දුරින් නව නිවසකට ගියෙමු. නිවෙස් දෙක ආසන්නව තිබියදීත් මූල්‍ය ගනුදෙනුවල වේලාව නිසා අපට අපගේ සියලු බඩු බාහිරාදිය ගමන් කරන ට්‍රක් රථයකට පැටවීමට අවශ්‍ය වුනි. විකිණීම සහ මිළදී ගැනීම අතර අපගේ ගෘහ භාණ්ඩ ට්‍රක් රථයේ තිබුණු අතර අපගේ පවුලේ අයට තාවකාලික නවාතැන් ලැබුණි. එම කාලය තුළ අපගේ කායික නිවසින් පිටත් වීම නොතකා එය
“නිවස”…

අලංකාර පාද

ජෝන් නෑෂ් 1994 දී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූවේ ගණිතය පිළිබඳ ඔහුගේ පුරෝගාමී මෙහෙය අගයමිනි. තරඟකාරිත්වයේ ගතිකත්වය (වෙනස්කම් ඇති කිරීමට පොළඹවන බලයන්) අවබෝධ කර ගැනීම සඳහා ඔහුගේ සමීකරණ ලොව පුරා ව්‍යාපාර විසින් භාවිතා කර ඇත. පොතකින් සහ පූර්ණ දිගු චිත්‍රපටියකින් ඔහුගේ ජීවිතය ලේඛණගත කර ඇති අතර ඔහු “ලස්සන මනසක්” ඇති අයෙක් ලෙස හඳුන්වනු ලබයි. එනම් ඔහුගේ මොළයට කිසියම්…

මැවීමේ ආශ්චර්යය

ටිම් විසින් ඇලස්කාවේ රූට් ග්ලැසියරයේ කඳු තරණය කරමින් සිටියදී ඔහුට මීට පෙර දැක නොතිබුණු දෙයක් හමු වුනි. ටිම් වෘත්තිමය වශයෙන් ග්ලැසියර අධ්‍යයනය කළද ඔහු මෙම අවස්ථාවේදී දුටු කුඩා පාසි බෝල විශාල ප්‍රමාණයක් ඔහුට සම්පූර්ණයෙන්ම නුහුරු විය. වසර ගණනාවක් දීප්තිමත් කොළ පැහැති බෝල ලුහු බැඳ යාමෙන් පසු ටිම් සහ ඔහුගේ සගයන් සොයා ගත්තේ ගස්වල පාසි මෙන් නොව “ග්ලැසියර” එකට සම්බන්ධ නොවන…

දෙවියන්වහන්සේගෙන් හැංගී සිටීම

මම තදින් ඇස් වසාගෙන ගණන් කරන්න පටන් ගත්තෙමි. මගේ තුන්වන පන්තියේ සෙසු මිතුරන් සැඟවීමට ස්ථානයක් සොයා ගැනීමට කාමරයෙන් පිටතට දිව ගියහ. සෑම පොත් කබඞ් එකකම, ට්‍රංක පෙට්ටියකම සහ අල්මාරියකම සෙව්වද මගේ එක් මිතුරෙක් සොයා ගැනීමට නොහැකි වුනි. අවසානයේදී සිවිලීමේ එල්ලා තිබුණු ෆර්න් පැලයක් සහිත මල් පෝච්චියක් පිටුපසින් ඇය එළියට පැන්න විට මට එය විහිළුවක් මෙන් දැණුනි. මෙම පැළයෙන් වැසී තිබෙන්න…

සමීප වීම

කොරෝනා වෛරසය හේතුවෙන් මගේ ආරක්‍ෂිත තැන්පතු පෙට්ටියෙන් යමක් ලබා ගැනීමට පෙරට වඩා නිල වශයෙන් පිළිපැදිය යුතු නීති කිහිපයක් තිබුණි. දැන් මට වෙලාවක් වෙන් කර ගැනීමට සිදුවන අතර මම බැංකුවට ඇතුළු වීමට අවසර ලබා ගැනීමට දුරකථන ඇමතුමක් ලබා දී මගේ හැඳුනුම් පත සහ අත්සන පෙන්වා නම් කළ බැංකු නිලධාරියෙක් විසින් සුරක්‍ෂිතාගාරය වෙත කැඳවා ගෙන යන තෙක් සිටීමට සිදු වන්නේය. ඇතුළට ගිය…

අතාත්වික අභිමුඛය

නව කොරෝනා වෛරසය ලොව පුරා සැරිසරන විට සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් දුන්නේ මිනිසුන් අතර ශාරීරික දුරස්ථභාවය තබා ගැනීම එහි ව්‍යාප්තිය මන්දගාමී කිරීමේ මාධ්‍යයක් ලෙසටයි. බොහෝ රටවල් තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ස්වයං නිරෝධායනය වන ලෙස හෝ නිවෙස් වලට වී සිටින ලෙසටයි. හැකි නම් නිවසේ සිට වැඩ කිරීමට සංවිධාන තම සේවකයින්ව නිවෙස්වලට යැවීය. එසේම අනෙක් අයගේ රැකියා අහිමිවීමෙන් ඔව්හු මූල්‍යමය වශයෙන් දුර්වල වූහ.…

මට ඉන්න දෙන්න

ඔවුන් තම මෝටර් රථය දෙසට යන අවස්ථාවේදී සැන්ඩර් තම මවගේ දෑතින් මිදී දේවස්ථානය දෙසට දිව ගියේය. ඔහුට යෑමට අවශ්‍ය නොවීය. ඔහුගේ මව ඔහු පසුපස දිව ගොස් තම පුතාව ආදරයෙන් වැළඳ ගන්න උත්සාහ කළේ නිවසට පිටත්ව යාම සඳහාය. අවසානයේදී ඔහුගේ මව සිව් හැවිරිදි සැන්ඩර්ව වැළඳ ගෙන ඔසවා ගෙන ගමන් කරන විට ඔහු ඉකි ගසමින් මවගේ උරහිසට ඉහළින් දේවස්ථානය දෙස ඕනෑකමෙන් බලා…

සීනුව නාද කරන්න

විශ්මිත විකිරණ ප්‍රතිකාර වට තිහකින් පසුව ඩාර්ලා පිළිකාවෙන් නිදහස් බව ප්‍රකාශ කරන ලදී. රෝහල් සම්ප්‍රදායේ කොටසක් ලෙස ඇයගේ ප්‍රතිකාරයේ අවසානය සනිටුහන් කළ “පිළිකාවෙන් තොර සීනුව” නාද කිරීමටද ඇයගේ සම්පූර්ණ සෞඛ්‍යභාවය සැමරීමටද ඇය උනන්දු වූවාය. ඩාර්ලා ඇගේ සැමරුම් නාදයේදී ඉතා උද්යෝගිමත් හා ජවසම්පන්න වූ නිසා සීනුවට ගැට ගසා තිබූ කඹයද කැඩුණි. සියලු දෙනාම ප්‍රීතියෙන් සිනහසුණි.

ඩාර්ලාගේ කථාව මගේ මුහුණට සිනහවක් ගෙන…